සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර අභාවප්‍රාප්ත වෙයි

by Chathuranga Rajapaksha 04-03-2018 | 2:10 PM
COLOMBO (Newsfirst) - ප්‍රවීණ සාහිත්‍යධරයෙකු මෙන්ම ගත් කතුවරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද අභාවප්‍රාප්ත විය. දෙදරු පියෙකු වන නන්දිමිත්‍ර මහතා මිය යනවිට 79 වන වියේ පසු විය. ඇරැව්වල නන්දිමිත්‍ර මහතා රචනා කළ මල්දෙණ්යේ සිමියොන්, ගිනි වැනි නව කතා මෙන් ම සුදුකොඩි සහ නංගි වැනි කෙටි කතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය. හොඳ ම නව කතාව, හොඳ ම කෙටි කතාව සඳහා රාජ්‍ය සම්මාන මෙන්ම හොඳම ළමා සාහිත්‍ය, හොඳ ම යෞවන සාහිත්‍යය සඳහා ද අරැව්වල නන්දිමිත්‍ර මහතා රාජ්‍ය සම්මාන ලබා ගත්තේ ය. ඔහුගේ දේහය අද පස්වරුවේ මහරගම, ඇරැව්වල පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතව ඇත.