ප්‍රතිසංවිධාන කළ ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා

ප්‍රතිසංවිධාන කළ ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා - අගමැති

by Hashini De Mel 04-03-2018 | 9:57 PM

COLOMBO (News 1st) - අයෝජකයින්ගේ සමුළුවේ න්‍යාය පත්‍රයට අනුව මෙන් ම ප්‍රතිසංවිධාන කළ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බැඳි සිටින බව සිංගප්පූරුවේ පැවැත්වෙන ආයෝජකයන්ගේ සංසදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ව්‍යාපාර සඳහා ආකර්ෂණිය ස්ථානයකට පත්වෙමින් පවතින බව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන් බවයි. සිංගප්පුරුවේ ආදර්ශ අනුව යමින් ලෝකයේ වේගයෙන් දියුණු වෙමින් පවතින දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව වැදගත් භූමිකාවක් උසුලන බව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. ආණ්ඩුව බලයට පත්වීමත් සමග රටේ ආර්ථිකය වර්ධනය කිරීම හා ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බවත් එහි ප්‍රථිපල නුදුරේදී ම දැකිය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත.