by Hashini De Mel 04-03-2018 | 6:13 PM
COLOMBO (News 1st) - යුරෝපා සංගමයේ රටවලින් ආනයනය කරන මෝටර් රථ සඳහා බද්දක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, තම රටේ අඥාන වෙළඳ ගිවිසුම්වලින් වෙනත් රටවල් වසර ගණනාවක් වාසි ලබාගෙන ඇති බව ය.
අමෙරිකානු ජනාධිපතිවරයා වානේ සහ ඇලුමිනියම් අපනයන සඳහා විශාල බද්දක් පනවන බව ඉකුත් බ්‍රහස්පතින්දා නිවේදනය කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක වෙළඳ සංවිධානය ඊට දැඩි විරෝධය පල කළේය.