ගුවන් හමුදා පාපැදි සවාරිය සාර්ථකව අවසන්

ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන අදියරේ ජය ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල්ට

by Chathuranga Rajapaksha 04-03-2018 | 1:51 PM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන හා අවසන් අදියර අද නිමාවට පත්විය. කිලෝමීටර 150 ක දුරකින් යුත් පාපැදි සවාරියේ තුන්වන හා අවසන් අදියර ක්‍රියාත්මක වූයේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වායි. මේ සඳහා පුර්ණ විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට්වර්ක්. සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440ක් වන ගුවන් හමුදා පැපැදි සවාරිය පසුගිය 2වනදා කොළඹදී ආරම්භ කෙරිණි. පොලොන්නරුවේ සිට අම්පාර දක්වා පැවති 3වන සහ අවසන් අදියරේ ජයග්‍රාහකයින් 2018-03-04 1 වන ස්ථානය: ශ්‍රී ලංකා ගුවන් හමුදාව - සමන්ත ලක්මාල් 2 වන ස්ථානය: ශ්‍රී ලංකා යුද හමුදාව - චරිත් ප්‍රනාන්දු 3 වන ස්ථානය: ශ්‍රී ලංකා වරාය අධිකාරිය - සජිත් අසන්ත පුත්තලම සිට හිඟුරක්ගොඩ දක්වා පැවති 2වන අදියරේ ජයග්‍රාහකයින් 2018-03-03 1 වන ස්ථානය: ශ්‍රී ලංකා නාවික හමුදාව - ජනක හේමන්ත 2 වන ස්ථානය: ශ්‍රී ලංකා යුද හමුදාව - ලක්ෂමන් විජේරත්න 3 වන ස්ථානය: ශ්‍රී ලංකා ගුවන් හමුදාව - බුද්ධික වර්ණකුලසූරිය කොළඹ සිට පුත්තලම දක්වා පැවති 1වන අදියරේ ජයග්‍රාහකයින් 2018-03-02 1 වන ස්ථානය: ශ්‍රී ලංකා වරාය අධිකාරිය - සජිත් හසන්ත 2 වන ස්ථානය: ශ්‍රී ලංකා යුධ හමුදාව - සුපුන් ප්‍රදීප් 3 වන ස්ථානය: ශ්‍රී ලංකා පොලීසිය - සූධීර නිලංග ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ප්‍රතිඵලය බලාපොරොත්තුවන්න... https://www.facebook.com/SportsFirstLK/videos/1731321336932629/ https://www.facebook.com/SportsFirstLK/videos/1731508233580606/ https://www.facebook.com/SportsFirstLK/videos/1731208673610562/