ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් අදියර අදයි

ගුවන් හමුදා පාපැදි සවාරියේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වා අවසන් අදියර අදයි

by Chathuranga Rajapaksha 04-03-2018 | 7:13 AM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන හා අවසන් දිනට ත් අද පැවැත්වේ. https://www.facebook.com/SportsFirstLK/videos/1731321336932629/   https://www.facebook.com/SportsFirstLK/videos/1731208673610562/ කිලෝමීටර 150 ක දුරකින් යුත් පාපැදි සවාරියේ තුන්වන හා අවසන් අදියර ක්‍රියාත්මක වන්නේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වායි. මේ සඳහා පුර්ණ විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට්වර්ක්. ගුවන් හමුදා පැපැදි සවාරියේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440 කි. ඊයේ පුත්තලමේ සිට හිඟුරක්ගොඩ දක්වා පැවති දෙවන අදියරේ පළමු ස්ථානය නාවික හමුදාවේ ජනක හේමන්තට හිමිවිය. දෙවන ස්ථානය යුද හමුදාවේ ලක්ෂමන් විජේරත්න දිනාගත් අතර 3 වන ස්ථානය ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය විසින් දිනාගනු ලැබිණි. මේ අතර පෙරේදා කොළඹ සිට පුත්තලම දක්වා පැවති පළමු අදියරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දිනා ගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ සුපුන් ප්‍රදීප් දිනා ගත්තේය. තුන්වන ස්ථානය ශ්‍රී ලංකා පොලිසීය නියෝජනය කළ සූධීර නිලංගට හිමිවිය.