ඉරණවිල දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඉරණවිල දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 04-03-2018 | 1:05 PM
COLOMBO (Newsfirst) - ඉරණවිලදී 09 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මුලතිව්, නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී අද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම දරුවා ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවට හලාවත රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූ බව ය. අත්අඩංගුවට ගත් සැකකරු පොල් කඩන පුද්ගලයෙකු වේ. නිවස අසල වෙළඳසැළක සිටියදී සැකකරු විසින් දරුවා රැගෙන ගිය බවට සිද්ධිය දුටු පුද්ගලයින් පොලීසියට ප්‍රකාශ කර තිබුණි. ඊට පසු දින ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී දරුවාගේ මළ සිරුර සොයා ගැනුණේ සඳුන්ගම කඩොලාන රක්ෂිතයේ තිබියදී ය.