සෑම ඉරු දිනකම ග්‍රහලෝකාගාරය නැරඹීමට අවස්ථාව

අද සිට සෑම ඉරු දිනකම ග්‍රහලෝකාගාරය නැරඹීමට අවස්ථාව

by Chathuranga Rajapaksha 04-03-2018 | 8:55 AM
COLOMBO (Newsfirst) - අද සිට සෑම ඉරු දිනකම ග්‍රහලෝකාගාරය නැරඹීමට අවස්ථාව උදා වී තිබේ. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කළේ, තාරකා විද්‍යාව පිළිබඳ දැනුම ප්‍රචලිත කිරිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර, ග්‍රහලෝකාගාරය ඉරිදා විවෘත කිරිමට පියවර ගත් බව ය. සමාජයට සහ පාසල් ළමුන් සදහා දැනුම ගවේෂණය කිරිමට මෙමගින් අවස්ථාව උදාවන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව, මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ විශේෂ දේශනයක් ද අද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.