උපාධිධාරීන්ට රැකියා ලබා දීම ඉදිරි මාස 6 තුළ

සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි මාස 6 තුළ - ජනපතිගෙන් ප්‍රකාශයක්

by Staff writer 03-03-2018 | 6:52 PM
Colombo (Newsfirst) - රැකියා නොමැති සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි මාස 6 තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පස්වරුවේ මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ය. උපාධිධාරීන් 200 දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරීන් 40 දෙනෙකුට මෙහිදී ගුරු පත්වීම් සංකේතාත්මකව ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.