යුරෝපයේ අධික ශීත කාලගුණය 60කට මරු කැඳවයි

යුරෝපයේ අධික ශීත කාලගුණය 60කට මරු කැඳවයි

by Chathuranga Rajapaksha 03-03-2018 | 11:06 AM
යුරෝපයට බලපා ඇති අධික හිම සහිත ශීත කාලගුණික තත්ත්වය තව දුරට ත් උග්‍රවීම හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ යුරෝපයේ රටවල් ගණනාවක පුද්ගලයිනට හිම සහ අයිස් මගින් ඇතිවන බාධාවන්ට අඛණ්ඩව මුහුණ දීමට සිදුව ඇති බව ය. මේ වනවිට යුරෝපය පුරා පුද්ගල මරණ 60 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. පෝලන්තයෙන් පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 23කි. එරට බලධාරීන් පවසන්නේ මේ වනවිට පෝලන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවටත් වඩා පහළ ගොස් ඇති බව ය. අයහපත් කාලගුණය හේතුවෙන් යුරෝපය පුරා ප්‍රවාහන සේවා සහ ගුවන් ගමන් තව දුරට ත් අත්හිටුවා තිබේ. විදුලිය විසන්දි වීමෙන් අයර්ලන්තයේ දහස් සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්ව සිටින බව ද විදෙස් වාර්තා පවසයි. සයිබීරියානු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ මෙම අසාමාන්‍ය ශීත කාලගුණය මධ්‍යධරණී දකුණු ප්‍රදේශයට ද බලපා ඇති බව වාර්තා වේ. මේ අතර ප්‍රංශයේ හිම කදු කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය. එරට පොලීසිය පවසන්නේ එහිදී එක් අයෙකු තුවාල ඇති අතර තවත් අයෙකු අතුරුදන්ව ඇති බව ය. [gallery size="full" ids="119801,119804,119807,119810,119813,119816"]