පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි

කොළඹ, සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අපවත් වෙයි

by Chathuranga Rajapaksha 03-03-2018 | 8:21 AM
COLOMBO (Newsfirst) - දෙස් විදෙස්හි ධර්ම ප්‍රචාරය සඳහා සුවිශේෂි මෙහෙයක් ඉටුකළ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ජූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අද අලුයම අපවත් විය. රොගී තත්ත්වයක් හේතුවෙන් කෙටි කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වනවිට 54 වැනි වියේ පසුවිය. අද පෙරවරු 9.30 ට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී අදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය තිරීණය කිරීමට නියමිතය.