25% කාන්තා නියෝජනය අනිවාර්යයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න 25% කාන්තා නියෝජනය අනිවාර්යයි - මැතිවරණ කොමිසමේ සභාපති

by Chathuranga Rajapaksha 03-03-2018 | 9:51 AM
COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී 25% ක් වූ කාන්තා නියෝජනය අනිවාර්ය බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සහ එහි 25% කාන්තා නියෝජනය තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබේ. මෙම හමුව සිදුවුණේ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1861016600625256/