කැකිරාවේ නිවසක පිපිරීමක්

කැකිරාවේ නිවසක පිපිරීමක්

by Chathuranga Rajapaksha 03-03-2018 | 7:00 AM
COLOMBO (Newsfirst) -  කැකිරාව, මල්දෙණියපුර නිවසක සිදුවූ පිපිරීමකින් 18 හැවිරිදි තරුණියක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ පිපිරීම සිදුව ඇති බව ය. වෙඩි බෙහෙත් වැනි පුපුරණ ද්‍රව්‍යයක් යොදා සාදන ලද යම් භාණ්ඩයක් එහිදී පුපුරා ගොස් ඇතැයි ද පොලීසිය පවසයි. පිපිරීමෙන් තුවාල ලැබූ තරුණිය කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කළේය. පුපුරා ගොස් ඇත්තේ හක්කපටස් බව ට සැක කරන බව ද පොලීසිය පවසයි.