අපරාධ රැසකට සම්බන්ධ 'පස් පොඩ්ඩා' කොටුවෙයි

අපරාධ රැසකට සම්බන්ධ 'පස් පොඩ්ඩා' කොටුවෙයි

by Chathuranga Rajapaksha 03-03-2018 | 12:15 PM
COLOMBO (Newsfirst) -  අපරාධ රැසකට සම්බන්ධ හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් 'පස් පොඩ්ඩා' නැමැත්තා ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු ගම්පහ, නැදගමුව, කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද උදෑසන 6.30 ට පමණ කොටුගොඩ ප්‍රදේශයේදී ගම්පහ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් නිවාස කිහිපයක් පරීක්ෂා කිරීමේදී එහි සැඟව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ බව ය. ඔවුන් සතුව තිබී ටී. 56 ගිනි අවියක්, ඒ සඳහා යොදන උණ්ඩ 58 ක්, මැගසින් එකක්, අමෙරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක්, ඒ සඳහා යොදන උණ්ඩ 8 ක් ත්‍රි එයිට් වර්ගයේ රිවෝල්වරයක් හා ඒ සඳහා යොදන උණ්ඩ 3 ක් ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි 'අලයා' නැමැති සැකකරු ද වේ. 41 හැවිරිදි 'පස් පොඩ්ඩා' නැමැත්තා නැදගමුව, කොට්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.