රාහුල සැදෑව 2018 සංගීත රාත්‍රියට සියල්ල සූදානම්

රාහුල සැදෑව 2018 සංගීත රාත්‍රියට සියල්ල සූදානම්

by Chathuranga Rajapaksha 02-03-2018 | 7:22 PM
COLOMBO (Newsfirst) - මාතර, රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සංවිධානය කරන රාහුල සැදෑව 2018 සුහද හමුව හා සංගීතමය රාත්‍රිය හෙට පැවැත්වේ. ඒ, බත්තරමුල්ල වෝටර්ස්ඒජ් පරිශ්‍රයේදී ය. 12 වැනි වරට ත් පැවැත්වෙන රාහුල සැදෑවට දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් විසින් සංගීතමය රසාස්වාදය සැපයීමට නියමිත ය. ජනප්‍රිය නර්තන කණ්ඩායම්වල ද සහභාගීත්වයෙන් පැවැත්වෙන රාහුල සැදෑව තවත් විචිත්‍රාංග රැසකින් සමන්විත වනු ඇති බව එහි සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේය.