පුංචි ඡන්දයෙන් තේරීපත්වූවන්ගේ නම් 9 ගැසට් කෙරේ

පළාත් පාලන ආයතනවලට අදාළ සභික නාම ලේඛන ලබා දීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

by Staff writer 02-03-2018 | 8:48 AM
Colombo (Newsfirst) - පළාත් පාලන ආයතනවලට අදාළ සභික නාම ලේඛන ලබා දීම සඳහා දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ලබන 8 වන දා දක්වා දීර්ඝ කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කළ ඉල්ලීම් සලකා බලා එම තීරණය ගත් බව ය. ඒ අනුව සභික නාම ලේඛන ලබන 9 වන දා ගැසට් කරනු ඇති. මේ අතර පළාත් පාලන ආයතනවල කටයුතු මාර්තු 2 වන සතියෙන් පසු දිනක ආරම්භ කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිත දැනුම් දීමක් ද කර තිබේ. කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවල කටයුතු මාර්තු මස 20 වන දා ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේ ය.