උදයංග වීරතුංග ඩුබායිහි සිටින බවට තොරතුරු

උදයංග වීරතුංග ඩුබායිහි සිටින බවට තොරතුරු

by Staff writer 02-03-2018 | 7:01 AM
Colombo (Newsfirst) - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි රාජ්‍යයේ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔහු මෙරටට රැගෙන ඒම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා පැවැත්වූ බව ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින නීතිමය ක්‍රමවේදයන්ට අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය දැනුම් දී ඇතැයි පොලීසිය පවසයි. උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් පත් කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජාත්‍යන්තර පොලීසිය විසින් පසුගියදා අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කළේ ය. ඒ යුද මෙහෙයුම් සඳහා මිග් යානා 4ක් මිලදී ගැනීම සහ තවත් යානා 4ක් සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සම්බන්ධයෙනි.