ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්

by Staff writer 02-03-2018 | 12:42 PM
Colombo (Newsfirst) - මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය. එම සැකකරුවන්ගෙන් මේ මස 5 වන දා සිට 15 වන දා දක්වා බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ය.