FIFA ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම් වෙයි

FIFA ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම් වෙයි

by Hashini De Mel 01-03-2018 | 1:00 PM

COLOMBO (News 1st) - එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සූදානම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියාවේ සෝචිහිදී පැවැත් විය.

ඒ, තරගාවලියේ ප්‍රධාන සංවිධායකයින්ගේ ප්‍රධානත්වයෙනි. 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය එළඹෙන ජූනි මස 14 වන දා රුසියාවේදී ආරම්භවීමට නියමිත ව තිබේ. කණ්ඩායම් 32 ක් සහභාගී වන තරගාවලියේ අදාළ තරග රුසියාවේ නගර 11 ක ක්‍රීඩාංගණ 12 ක පැවැත්වීමට නියමිත ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ක්‍රීඩා කරන කණ්ඩායම් 32 ක පුද්ගලයින් 250 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ. ඒ අතර එම කණ්ඩායම්වල පුහුණුකරුවන්, කණ්ඩායමේ වෛද්‍යවරුන් හා ක්‍රීඩකයින් ද වේ. ජූනි මස 14 වන දා ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජූලි මස 15 වන දා දක්වා ක්‍රියාත්මක ය.