by Sagarika Chathumali 01-03-2018 | 5:41 PM
හෝප් හික්ස් ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
29 හැවිරිදි ඇය සන්නිවේදන අධ්‍යක්ෂ තනතුරට හෝප් හික්ස් පත්වූයේ, පසුගිය වසරේ අගෝස්තු 16 වනදායි.
හික්ස් එම තනතුරට පත් වූයේ, දින 10 ක් පමණක් ධුරය දැරූ ඇන්ටනි ස්කැරමුචිට ධුරය අහිමි වීමත් සමගයි.
ස්කැරමුචිට පෙර ශෝන් ස්පයිසර් එම ධුරය දැරූ අතර ඔහුගේ ධුර කාලය ද දින 49කට සීමා විය.
දීර්ඝ කාලීන් ට්‍රම්ප් හිතවතියක ලෙස ප්‍රකටව සිටි හික්ස් , ජනපති ට්‍රම්ප්ගේ ව්‍යාපාර කටයුතුවලට ද සම්බන්ධව කටයුතු කළා ය.
ට්‍රම්ප්ගේ පදවිප්‍රාත්තියෙන් පසු ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වූ ඇය ඉන්පසු ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළා ය.
හික්ස්ට පසුගිය දා පසුගිය ජනපතිවරණයේදී රුසියානු අතපෙවීම් පිළිබඳ සොයා බලන අමරිකානු බුද්ධි නිලධාරීන් හා නීතිඥ කොමිසම ඉදිරියේ පැය 9 ක ප්‍රශ්න කිරීම්වලට මුහුණ දීමට සිදුවූවා ය.
එලෙස ප්‍රශ්න කර තිබුණේ එවක සිදූ වූයැයි පැවසෙන ට්‍රම්ප්ගේ දෙටු පුතු හා රුසියානු නීතිඥ හමුව පිළිබඳවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රශ්න කිරීම් අවසන් වී පැය 24 ක් යාමටත් ප්‍රථම හෝප් හික්ස් නිවේදනය කළේ, තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව යි.