හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපතිගේ බිරිඳ අත්අඩංගුවට

හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපතිගේ බිරිඳ අත්අඩංගුවට

by Hashini De Mel 01-03-2018 | 10:35 AM

COLOMBO (News 1st) - දූෂණ චෝදනා හේතුවෙන් හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපතිගේ භාර්යාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපති පොර්ෆිරියෝ ලොබෝගේ භාර්යාව වන රොසා එලේනා ය. 2010 සිට 2014 දක්වා කාලය තුළ පොර්ෆිරියෝ ලොබෝ ජනපතිධූරය හෙබවා තිබේ. එම කාලය තුළ මධ්‍යම අමෙරිකාවේ අඩු ආදායම්ලාභීන්ගේ දරුවන් සඳහා පාවහන් ලබාදීමේ ව්‍යාපෘතියකින් මුදල් වංචා කිරීම ඇයට එල්ලවන චෝදනායි. අමෙරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේ දූෂණ විරෝධි කාර්යාලය සඳහන් කළේ, ඇය තම සැමියාගේ නිල කාලය අවසන් වීමත් සමග ජනපති ආර්යා කාර්යයාලය සතු මුදල් තම පෞද්ගලික ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇති බවයි. කෙසේවෙතත් රොසා එලේනාගේ සහ ඇගේ නීතිඥයින් ඇයට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.