by Hashini De Mel 01-03-2018 | 7:42 AM
COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
ඒ නිමිත්තෙන් දිනයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධාන කර තිබේ.
මේ අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රි වීදි සංචාරය කීරීමට නියමිත වේ.
පෙරහැර හේතුවෙන් පස්වරු 5.00 සිට විහාරස්ථානය ආශ්‍රිත මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව, පොලිස් මූලස්ථානය පවසා ඇත.
පෙරහර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, පෙරහැර මාවත, ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක මාවත, මුත්තයියා පාර, සිරි ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර, බේබෘෘක් පෙදෙස, පාර්ක් වීදිය, ස්ටෙපල් මාවත ඔස්සේ ගමන් කිරීමට නියමිත වේ.
පොලීසිය පැවසුවේ, එම මාර්ගවල රථවාහන ගාල් කිරීම සම්පූර්ණයෙන් සීමා කෙරෙන අතර වාහන ධාවනය ද පෙරහර ගමන් ගන්නා කාලය තුළ නවතා දැමෙන බවයි.
රථවාහන ගාල් කිරීම සඳහා එෆ්. ආර්. සේනානායක මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත සහ වොක්ෂෝල් වීදිය යන මාර්ග වෙන්කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/1859060484154201/