මිරිජ්ජවිල වෙඩික්කරු තවමත් නිදැල්ලේ

මිරිජ්ජවිල බස් මගියා ඝාතනය කළ වෙඩික්කරු තවමත් නිදැල්ලේ

by Sagarika Chathumali 01-03-2018 | 4:22 PM

COLOMBO (News 1st) : මිරිජ්ජවිලදී බස් රථයක් තුළ පුද්ගලයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සඳහා සැකකරු පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයායි. ඔහු දෙහිඕවිට, හිඟුරලකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අද තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් ක‍ළේ ය.