පොලීසියේ 14කට වහා ම ස්ථාන මාරුවීම්

පොලීසියේ 14කට වහා ම ස්ථාන මාරුවීම්

by Sagarika Chathumali 01-03-2018 | 3:46 PM

COLOMBO (News 1st) : සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. එල්. ජේ. ආර්. ද සොයිසා මහතා කොළඹ උතුර කොට්ඨාසයේ සිට පොලිස් විශේෂ කොට්ඨාසයට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.