ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට

ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට

by Sagarika Chathumali 01-03-2018 | 6:38 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට උදෑසන 9 ට ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වේ.

ක්‍රීඩාවේ ප්‍රමුඛයා Sports 1st ප්‍රමුඛ Champions Network මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙයි. අදියර තුනක් යටතේ පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට සිට දින තුනක් පැවැත් වීමට නියමිතයි. මේ සඳහා දෙස් විදෙස් ප්‍රමුඛ පෙළේ පා පැදි තරගකරුවන් 150 කට අධික් සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි. ත්‍රිවිද හමුදාව කණ්ඩායම් සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම මෙන් ම දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කරමින් කණ්ඩායම් ගුවන් හමුදා සවාරියට එක් වේ. හෙට ආරම්භ වන පාපැදි සවාරියේ, පළමු අදියර කොළඹ සිට පුත්තලම දක්වාත්, දෙවැනි අදියර පුත්තලම සිට හිඟුරක්ගොඩ දක්වා ක්‍රියාත්මකයි. පාපැදි සවාරියේ තුන් වැනි සහ අවසන් අදියර පොළොන්නරුවේ සිට අම්පාර දක්වා පැවැත් වේ. තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440 කි. මාර්තු මස 04 වන දා ගුවන් හමුදා කාන්තා පාපැදි තරගය මඩකළපුව කල්ලඩි පාලම අසලින් ආරම්භ වී අම්පාර නගරයෙන් අවසන් වීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව පාපැදි සවාරය සංවිධානය කරනු ලබයි.