by Hashini De Mel 01-03-2018 | 12:04 PM
COLOMBO (News 1st) - ඉකුත් නොවැම්බර් මාසයේ අමෙරිකාවේ බොරතෙල් නිෂ්පාදනය වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇතැයි එරට වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වාදී තිබේ.
ඔවුන් පැවසූවේ, ඒ අනුව එම කාලසීමාව තුළ දෛනිකව අමෙරිකාව නිෂ්පාදනය කළ බොරතෙල් බැරල සංඛ්‍යාව මිලියන 10 ඉක්මවන බවයි.
මීට පෙර අමෙරිකාවෙන් දෛනිකව එවැනි වාර්තාගත බොරතෙල් නිෂ්පාදනයක් වාර්තා වූයේ 1970 වසරේ දී බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.