අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

by Hashini De Mel 01-03-2018 | 6:47 AM

COLOMBO (News 1st) - අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත නිලධාරී මණ්ඩලයක් පත් කර තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ය. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා පත් කළ සෙසු සමාජිකයින් ලෙස ජයදීපා පුන්‍යමූර්ති, මේජර් ජනරාල් මොහාන්. පී. පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, නීතිඥ සෝමසිරි ලියනගේ හා කනපතිපිල්ලෙයි වෙන්දන් යන මහත් ම මහත්මින් අයත් ය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ, කාර්යාලයේ සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ඊයේ ජානධිපතිතුමා විසින් ලබාදුන් බවයි. ඒ අනුව ඉදිරි සතියේ සාමාජිකයින් රැස්වී ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවසුවේ ය. 2016 වසරේදී අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතට අනුමැතිය හිමි විය. මෙම කාර්යාලය මගින් පසුගිය කාලයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමටත්, ඥාතීන්ට සාධාරණය ඉටු කිරීමටත් නියමිත බව සාලිය පීරිස් මහතා ප්‍රකාශ ක‍ළේ ය.