හෝමාගමින් පියෙකුගේ සහ දියණියගේ මළ සිරුරු හමුවේ

හෝමාගම නිවසකින් පියෙකුගේ සහ දියණියගේ මළ සිරුරු හමුවේ

by Hashini De Mel 28-02-2018 | 6:20 PM

COLOMBO (Newsfirst) - හෝමාගම, වෑකන්ද පාරේ නිවසක මියගොස් සිටි පියෙකුගේ සහ දියණියකගේ මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන්ගේ මළ සිරුරු අද දහවල් නිවසේ තිබියදී සොයා ගත් බවයි. මළ සිරුරු දෙක හෝමාගම මුලික රෝහලට රැගෙන විත් ඇත. පොලීසිය සඳහන් කළේ, මියගොස් ඇති පුද්ගලයා රන් භාණ්ඩ සකස් කළ අයෙකු බවයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 1/2 දියණියක් සහ වයස 41 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.