වෙලේ සුදා නඩුවකින් නිදහස්

වෙලේ සුදා නඩුවකින් නිදහස්

by Staff writer 28-02-2018 | 2:03 PM
Colombo (Newsfirst) - මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ, නඩුවේ සාක්ෂි පරස්පර වීම හේතුවෙනි. හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි. නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ. මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.