මහනුවර රෝහලට පැමිණි රෝගීන් මුහුණ දුන් අලකලංචිය

මහනුවර රෝහලට පැමිණි රෝගීන් මුහුණ දුන් අලකලංචිය

by Staff writer 28-02-2018 | 11:15 AM
Colombo (Newsfirst) - මහනුවර රෝහලේ අද පැවැත්වෙන පිළිකා සායන ඇතුළු සායන කිහිපයකට සහභාගී වීම සඳහා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි රෝගීන් රැසක් ඊයේ රාත්‍රියේ රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ පියවර ගත්තේ ය. ඒ, රෝහල් භූමියේ රැඳී සිටීම නීති විරෝධී යැයි පවසමිනි. රෝගීන් පැවසුවේ, උදෑසන පැවැත්වෙන සායන සඳහා නිසි වේලාවට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් තමන් පෙර දින පැමිණ රෝහලේ බාහිර රෝගී අංශයේ රැඳී සිටින බව ය. රෝහලෙන් පිටත රැඳී සිටීම සඳහා ප්‍රමාණවත් මුදලක් වැය කිරීමට නොහැකි තමන්ට රෝහල තුළ රැඳී සිටීමට අවසර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි එම රෝගීන් සමග යාචකයින් මෙන් ම මත්පැන් පානය කළ පුද්ගලයින් ද රාත්‍රී කාලයේ රෝහල් භූමියේ රැඳී සිටින බව ය. එම නිසා මෙම පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.