දුර්ලභ ඝණයේ පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට පියවර

දුර්ලභ ඝණයේ පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට පියවර

by Staff writer 28-02-2018 | 12:17 PM
Colombo (Newsfirst) - දුර්ලභ ඝණයේ පුස්කොළ පොත් 3600ක් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ රැසක් සංරක්ෂණය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ, පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම පුස්කොළ පොත් සංරක්ෂණය කළ බව ය. නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් ආශ්‍රිතව ක්‍රියාත්මක කළ බව ද ඔහු සඳහන් කළේ ය. මහාචාර්යවරයා පැවසුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විධිමත් පුහුණුවක් ලබා ඇති නිලධාරීන් කණ්ඩායමක් මෙම කාර්යය සඳහා යොදවා ඇති අතර ඔවුන් විසින් නියමිත තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සංරක්ෂණ කටයුතු සිදු කරන බව ය.