තඹුත්තේගම නොසන්සුන් : පොලීසියට ගල්මුල්

තඹුත්තේගම පොලීසියට ගල් ගැසූ ගොවීන්ට පොලීසියෙන් කදුළුගෑස්

by Sagarika Chathumali 28-02-2018 | 4:12 PM

COLOMBO (Newsfirst) : තඹුත්තේගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීමට පොලීසිය තැත් කිරීමත් සමග ඔවුන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවයි. අනතුරුව පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රාජාංගනය ජලාශයේ දියවරින් පෝෂණය වන ප්‍රදේශ රැසක ගොවි ජනතාව අද පෙරවරුවේ කලා ඔය පාලම අසල විරෝධාතාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔවුහු පොලීසිය ඉදිරියට පැමිණ මෙලෙස විරෝධතාවේ නිරත වූහ. ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුණේ රාජාංගනය ජලාශයේ ජලය, පානීය ජල ව්‍යාපෘතියකට ලබාදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි. විරෝධතාව අතරතුර ඇතිවු නොසන්සුන්තාව හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.