by Hashini De Mel 28-02-2018 | 5:38 PM
COLOMBO (Newsfirst) - ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර මංගල්‍ය හේතුවෙන් අද සහ හෙට පස්වරු 5.00 සිට විහාරස්ථානය ආශ්‍රිත මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසා තිබේ.
පෙරහැර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, පෙරහැර මාවත, ඩබ්ලිව්. ඒ. ඩී රාමනායක මාවත, මුත්තයියා පාර, සිරි ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර, බේබෘෘක් පෙදෙස, පාර්ක් වීදිය, ස්ටෙපල් මාවත ඔස්සේ ගමන් කිරීමට නියමිත ය.
පොලීසිය පැවසුවේ, එම මාර්ගවල රථවාහන ගාල් කිරීම සම්පූර්ණයෙන් සීමා කෙරෙන අතර වාහන ධාවනය ද පෙරහැර ගමන් ගන්නා කාලය තුළ නවතා දැමෙන බවයි.
රථවාහන ගාල් කිරීම සඳහා එෆ්. ආර්. සේනානායක මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත සහ වොක්ෂෝල් වීදිය යන මාර්ග වෙන්කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.