ඇලෝසියස්ගේ ඇප අයැදුමේ නොතීසි කවදා ද?

ඇලෝසියස්ගේ ඇප අයැදුමේ නොතීසි කවදා ද?

by Hashini De Mel 28-02-2018 | 9:47 PM

COLOMBO (News 1st) - පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධිත අයැදුම්පතේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සම්බන්ධ නියෝගය මාර්තු මස 9 වන දා ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද නියෝග කර තිබේ.

සැකකරුවන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය 16 වන දා ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ඔවුන් මාර්තු මස 03 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඉන් අනතුරුව සැකකරුවන් ඇප ඉල්ලා ප්‍රතිශෝධිත අයැදුම්පතක් මහාධිකරණය හමුවේ ගොනු කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 04 වන දා ය. https://www.facebook.com/NewsfirstSL/videos/1858534727540110/