හලාවත අතරුදන්ව සිටි දරුවාගේ සිරුර සොයා ගනී

හලාවත අතරුදන්ව සිටි දරුවාගේ සිරුර සොයා ගනී

by Staff writer 27-02-2018 | 9:48 AM
Colombo (Newsfirst) - හලාවත, ඉරණවිල ප්‍රදේශයේ දින දෙකකට පෙර සිට අතුරුදන්ව සිටි 9 හැවිරිදි සිසුවාගේ මළ සිරුර රක්ෂිතයක තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. හලාවත, ඉරණවිල විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවා අතුරුදන් වූයේ පසුගිය ඉරිදා යි. නිවස අසල වෙළෙඳ සලක සිටියදී කිසියම් පුද්ගලයෙකු යමක් ලබා දී එම දරුවා රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. වෙළෙඳ සලෙහි සවි කර තිබූ CCTV කැමරාවේ එම දර්ශන සටන්ව තිබිණි. ඉරණවිල සමිදුගම ප්‍රදේශයේ පදිංචිව සිට මිය ගිය සුසින් නිර්මාල් සිසුවා 5 දෙනෙකුගෙන් යුත් පවුලේ 3 වන දරුවා ය. පොලීසිය පැවසුවේ, දරුවා අතුරුදන් වන අවස්ථාවේ ඔහු සමග සිටි බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය.   https://www.facebook.com/NewsfirstSL/videos/1857304790996437/