විගණන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

විගණන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

by Staff writer 27-02-2018 | 2:18 PM
Colombo (Newsfirst) - සංශෝධන සහිත විගණන පනත් කෙටුම්පතට අද පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, කෙටුම්පත අනුමත කිරීම සඳහා කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල නොවූ බව ය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. අද පැවති කැබිනට් රැස්වීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ම සහභාගී වී නොමැත. ඒ අතරට අර්ජුණ රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් අයත් ය.