සිංගප්පූරු අගමැති බලය අත්හැරීමේ සූදානමක

මීළඟ පරම්පරාවේ නායකයින්ට වගකීම් පැවරීමට සිංගප්පූරු අගමැති සූදානම් වෙයි

by Staff writer 27-02-2018 | 12:20 PM
(Newsfirst) - මීළඟ පරම්පරාවේ නායකයින්ට වැඩි වගකීම් පැවරීම වෙනුවෙන් තම කැබිනට් මණ්ඩලය ඉදිරියේදී සංශෝධනය කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙන් ලූන් පවසයි. අග්‍රාමාත්‍ය ලී සෙන් ලූන් සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ වැඩිමහල් පුත්‍රයා ය. 1965 වසරේ නිදහස ලැබීමෙන් පසු සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වූ 3 වන නායකයා ඔහු වන අතර ඔහු කියා සිටියේ, තමා ද නුදුරේදී ධූරයෙන් නික්ම යාමට සූදානම් බව ය. වත්මන් පාර්ලිමේන්තුවේ කාලය 2021 වසරේදී අවසන් වීමට පෙර නව මහ මැතිවරණයක් පවත්වන බව ද ඔහු සඳහන් කළේ ය. තම වත්මන් කැබිනට් මණ්ඩලය තුළින් ම අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත් කර ගන්නා බවත් මීළඟ පරම්පරාවේ නායකයින් සඳහා වැඩි වගකීම් පැවරීමටත් නවකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමටත් කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන බව ඔහු කියා සිටියේ ය.