දෙහැවිරිදි දියණියක් වතුර භාජනයකට වැටී මරුට

නොච්චියාගම දෙහැවිරිදි දියණියක් වතුර භාජනයකට වැටී මරුට

by Hashini De Mel 27-02-2018 | 10:08 PM

COLOMBO (Newsfirst) - නොච්චියාගම ප්‍රදේශයේ වයස අවුරුදු 2ක දැරියක් නිවසේ වතුර භාජනය ගිලීමෙන් අද දහවල් ජීවිතක්ෂයට පත් විය.

අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 2ක් වූ දැරිය නිවසේ ජීවත් වූයේ සිය මව සමගිනි. මවගේ අවධානයෙන් ගිලිහුණු දරුවා නිවස ආසන්නයේ ම පිහිටි මවගේ සහෝදරියගේ නිවසට ගොස් තිබේ. පසුව දරුවා මෙම වතුර භාජනය තුළ වැටී මියගොස් සිටිනු දැක ඇත්තේ මවගේ සහෝදරියයි. නොච්චියාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර මෘත දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1857531564307093/