ගෝඨාභයට නිකුත් කළ අතුරු තහනම යළි දීර්ඝ කෙරේ

ගෝඨාභය රාජපක්ෂට නිකුත් කළ අතුරු තහනම යළි දීර්ඝ කෙරේ

by Hashini De Mel 27-02-2018 | 5:49 PM

COLOMBO (Newsfirst) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින්, නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 23 වන දා දක්වා යළි දීර්ඝ කිරීමට අභියාචානාධිකරණය අද නියෝග කර තිබේ.

එම නියෝගය නිකුත් කළේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ලයි. අද දිනයේ පෙත්සම සලකා බැලු අවස්ථාවේදී නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දීර්ඝ කරුණු දැක්වීමක් කර ඇත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 22 වන දා දක්වා කල් තබා ඇත.