කොළඹ-හොරණ මාර්ගයේ ගසක් වැටීමෙන් රථවාහන ධාවනයට බාධා

කොළඹ - හොරණ මාර්ගයේ ගසක් වැටීමෙන් රථවාහන ධාවනයට බාධා

by Hashini De Mel 27-02-2018 | 5:43 PM

COLOMBO (Newsfirst) - කොළඹ - හොරණ 120 ප්‍රධාන මාර්ගයේ පාමංකඩ පාලම අසළ ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ රථවාහන ධාවනයට බාධා මතුවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මේ වන විට එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව ය. විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලිමක් කර ඇත. මේ වන විට එම ස්ථානයෙන් ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ. ගස කඩා වැටීම හේතුවෙන් මෝටර් රථයකට අලාභ හානි සිදු ව ඇති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අද රාත්‍රියෙත් බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මාතලේ, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. තව ද උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 පමණ දක්වා තද සුළං ද පැවති හැක.