කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් අවලංගු කෙරේ

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් අවලංගු කෙරේ

by Staff writer 27-02-2018 | 8:50 AM
Colombo (Newsfirst) - කැලණිවැලි මාර්ගයේ කොට්ටාව හා මහරගම අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක් වීමෙන් දුම්රිය ගමන් වාර 2ක් අවලංගු කර තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, පාදුක්ක සහ අවිස්සාවේල්ල සිට පැමිණෙන දුම්රිය ගමන් වාර 2ක් එලෙස අවලංගු කර ඇති බව ය. පෙරවරු 7.30ට පමණ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇතැයි පාලක මැදිරිය පැවසුවේ ය.