ආරක්ෂක අමාත්‍යාංශයට සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක්

ආරක්ෂක අමාත්‍යාංශයට සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක්

by Hashini De Mel 27-02-2018 | 4:50 PM

COLOMBO (Newsfirst) - ආරක්ෂක අමාත්‍යාංශයේ සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා මුලස්ථානයේදී අද විවෘත කෙරිණි.

ඒ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ගුවන් හමුදා මුලස්ථානය සඳහන් කළේ, මෙම සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදාවට අයත් සයිබර් ආරක්ෂක විශේෂඥයින් පැය 24ක් පුරා රාජකාරිවල නිරත වන බවයි. මෙම සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය අධීක්ෂණ මධ්‍යස්ථානයකින් සහ සයිබර් ආරක්ෂක විශ්ලේෂණ විද්‍යාගාරයකින් ද සමන්විත වන බව ගුවන් හමුදා මුලස්ථානය සඳහන් කළේ ය.