අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන්

අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන්

by Hashini De Mel 27-02-2018 | 9:35 PM

COLOMBO (Newsfirst) - හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේද්‍රන් මහතා මෙරට බලධාරීන් වෙත ලබාදී තිබූ සිංගප්පුරු ලිපිනයේ වාසය නොකරන බව අනාවරණයවී තිබේ.

එම මුලාශ්‍රවලට අනුව අධිකරණය මගින් නිකුත් කළ නොතීසි පෞද්ගලික ලිපි ප්‍රවාහනය කරන ආයතනයක් මගින් සිංගප්පුරුව වෙත යවා තිබුන ද එම ආයතනය පැවසූවේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ලිපිනයේ නොමැති බවයි. එම නිවාස සංකීර්ණයෙන් ඔහු ඉවත්ව ගොස් ඇති බව පරීක්ෂණ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ප්‍රකාශක් ලබාදෙන ලෙසත් නියෝග ලබාදී තිබේ. ඒ සඳහා පෙබරවාරි 16 වන දා දින නියමකර තිබුනත් එදින හිටපු මහබැංකු අධිපතිවරයා පැමිණියේ නැත. https://www.facebook.com/NewsfirstSL/videos/1857335254326724/