ශ්‍රීලංකන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි

ශ්‍රීලංකන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි

by Hashini De Mel 26-02-2018 | 4:31 PM

COLOMBO (Newsfirst) - යානා දෙකක හටගෙන ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන්, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසා තිබේ.

එහි මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් විදෙස්ගත වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර Online මගින් ගුවන් ගමන් විස්තර පරීක්ෂා කරන ලෙසත් නැතහොත්, පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකතන අංකය වෙත අමතන ලෙස ය. එම අංකය වන්නේ, 0197331979 යි. ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපොළේදී එක් යානයක කුරුල්ලෙකු ගැටීම හා තව ත් යානයක් දෝෂයකට ලක්වීම ඇතුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන්, මෙම තත්ත්වය උද්ගතව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. ගුවන් සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තම කාර්ය මණ්ඩලය පැය 24 පුරා කටයුතු කරමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.