වියානා ඇළට මෝටර් රථයක් පෙරළී අයෙක් අතුරුදන්

වියානා ඇළට මෝටර් රථයක් පෙරළී අයෙක් අතුරුදන්

by Sagarika Chathumali 26-02-2018 | 10:12 AM

COLOMBO (Newsfirst) : බදුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ වියානා ඇළට මෝටර් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු අතරුදන්වී තිබේ.

පොලීසිය පැවසුවේ, අද පෙරවරුවේ බණ්ඩාරවෙල සිට මහියංගනය දෙසට ධාවනවූ මෝටර් රථය, මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී ඇති බවයි. එහිදී මෝටර් රථයේ ගමන් ගත් රියැදුරු ඇතුළු ති දෙනෙකු දිවි බේරා ගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය පැවසුවේ මේ වන විට අතුරුදන්වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. අනතුරින් එක් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කරමින් සිට ඇත.