ව්‍යාපාරික උත්සවවලට යන මුවාවෙන් ජපන් පනින ජාවාරමක්

ව්‍යාපාරික උත්සවවලට යන මුවාවෙන් ජපන් පනින ජාවාරමක්

by Hashini De Mel 26-02-2018 | 10:04 PM

COLOMBO (Newsfirst) - පසුගිය වසරේ ජුනි මාසයේදී ජපානයේ පැවැති ‍ශ්‍රී ලංකා ෆෙස්ටිවල් නම් වැඩසටහනට, සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු නැවත නොපැමිණීම පිළිබඳ වාර්තාවක් කැඳවා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා පවසා තිබේ.

තානාපතිවරයා ප්‍රකාශ කළේ, එම උත්සවය සංවිධානය කළ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයෙන් එම වාර්තාව කැඳවූ බවයි. ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිය සංවිධානය කළ බව කියන මෙම ශ්‍රී ලංකා ‍ෆෙස්ටිවල් වැඩසටහන පසුගිය වසරේ ජුනි මස 24, 25 යන දෙදින තුළ පවත්වා ඇත. ඒ, ජපානයේ ටෝකියෝ නුවර යොයෝගී උද්‍යානයේදී ය. මෙම උත්සවය සඳහා ශ්‍රී ලාකාවෙන් ගිය 33 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමෙන් 30දෙනෙකුම නැවත පැමිණ නැත. මෙම ශ්‍රී ලංකා ‍උත්සවය සඳහා සහභාගි වූ පිරිස් වෙත වීසා ලබා ගැනීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙරට ජපාන තානාපති කාර්යාලය වෙත ලිපි කිහිපයක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මෙම ජපානයේ පැවැති මෙම ශ්‍රී ලංකා උත්සවය සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචා‍ර්ය ගංගානාත් දිසානායක මහතා ත් සහභාගීවී ඇත. අග්‍රමාත්‍ය අතිරේක මාධ්‍ය ලේකම් සමන් ආතාවුදහෙට්ටි ප්‍රකාශ කර සිටියේ, අදාළ කාරණා පිළිබඳව ලිඛිතව ඉල්ලීමක් කලොත් තමන් ඊට පිළිතුරක් ලබාදෙන බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1856234731103443/