.webp)
මයිකල් මැකෝමැක්
මයිකල් මැකෝමැක් යනු ඔස්ට්‍රේලියාවේ රිවරීනා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන The Daily Advertiser නමැති සඟරාවේ සංස්කාරකවරයා යි. දක්ෂ මාධ්‍යවේදියෙකු වූ ඔහු එම තනතුරට පත් වූයේ, 27 හැවිරිදි වියේදී ය. ඔහු ඔස්ට්‍රේලියානු ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළේ ය.බානබී ජොයිස්ගේ ඉල්ලා අස්වීම...
ඔස්ට්‍රේලියානු උප අගමැති බානබී ජොයිස් මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය කාලය තුළ ඔහුගේ දේශපාලන ජීවීතයට එල්ල වූ චෝදනා හමුවේයි. ජොයිස්, ඔහුගේ හිටපු කාර්ය මණ්ඩල සේවිකාවක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවට චෝදනා එල්ල විය. බානබී ජොයිස් මුහුණ පා සිටින දේශපාලනික අර්බුදය පසුගිය සති කිහිපය තුළ දැඩි ලෙස කථා බහට ලක්වූ අතර, ඔහු අගමැති ටර්න්බුල්ගේ ප්‍රසිද්ධ විවේචනයට ද ලක්විය. විදේශ වාර්තාවල දැක්වෙන්නේ, මෙහිදී අගමැතිවරයා, අමාත්‍යවරුන් තම සේවකයින් සමග රාජකාරීමය සබඳතා හැර වෙනයම් සම්බන්ධතා ඇති කර ගැනීම තහනම් කළ යුතුය යන්න තරයේ ප්‍රකාශ කළ බව ය. කෙසේ වෙතත් ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිගින් දිගටම ජොයිස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය. හිටපු මාධ්‍ය උපදේශිකාවක වන විකී කැම්ප්ෂන් සමග පැවති ප්‍රේම සම්බන්ධතාව හේතුවෙන් උප අගමැති ධූරයේ රාජකාරී කටයුතුවලට බාධාවක් නොවූ බව ද ඔහු අවධාරණය කර තිබේ.