බොලිවුඩ් නිළි ශ්‍රීදේවි මියගියේ දියේ ගිලීමකින්

බොලිවුඩ් නිළි ශ්‍රීදේවි මියගියේ දියේ ගිලීමකින්

by Hashini De Mel 26-02-2018 | 5:19 PM

COLOMBO (Newsfirst) - සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ මරණය දියේ ගිලීමෙන් සිදු ව ඇති බව ඩුබායි මරණ පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙතෙක් ඇය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවුයේ හෘදයාබාධයක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවි ඊයේ හදිසියේ අභාවප්‍රාප්ත වූ බව ය. කෙසේ වෙතත් බිබිසී පුවත් සේවය වාර්තා කළේ, ඩුබායිහි ඇය නවාතැන් ගෙන සිටි ප්‍රසිද්ධ හෝටලයක නාන කාමරයේදී ඇය නාන බේසමේ ගිලිමෙන් අනතුරට පත් ව ඇති බව ය. ඇයගේ සිරුර අද රාත්‍රියේ මුම්බායි නුවරට රැගනෙ විත් පැය කිහිපයක් තුළ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.