අගමැතිගෙන් කමිටුවක්

දූෂණ හා වංචාවලට එරෙහි ක්‍රියාමාර්ග කඩිනම් කරන්න අගමැතිගෙන් කමිටුවක්

by Hashini De Mel 26-02-2018 | 8:43 PM

COLOMBO (Newsfirst) - දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටු කිහිපයක් පත් කිරීමට තීරණය කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සමග අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීම සඳහා රාජිත සේනාරත්න, ඩි. ඒම්. ස්වාම්නාදන් හා අජිත්. පී. පෙරේරා යන අමාත්‍යවරු තිදෙනාගෙන් යුත් කම්ටුව අග්‍රා‍මාත්‍යවරයා විසින් පත් කළ මෙම නිවේදනයේ සඳහන් ය. කම්ටුවේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ, නීතිය සාමය හා අමාත්‍යංශයේ ලේකම්වරයා යි. මීට අමතරව අපරාධ යුක්තිය පිළිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් තව ත් කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව සඳහා පත්කර ඇත්තේ, සාගල රත්නායක හා තලතා අතුකෝරාල යන අමාත්‍යවරුන් ය . පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන් පිළිබඳ කටයුතු කඩිනම් කිරීම සඳහා තිලක් මාරපන, රංජිත් මද්දුම බණ්ඩාර හා සාගල රත්නායක යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත තව ත් කම්ටුවක් පත් කළ බව ද මෙම නිවේදනයේ දැක් වේ. මෙහිදී අපරාධ වැටලීම් හා සංවිධිත අපරාධ මැඩලීම කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගගත යුතු බව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත. කන්තා හිංසනයට අදාළ නීති ක්‍රියාත්මක විය යුතු බව ත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් බව මෙම නිවේදනයේ සඳහන් වේ. පොලීසිය විසින් පවරන ලද නඩුවලදී අවාසිදායක තීරණයක් ලද වහාම ඒ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බව ද මෙහිදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.