අපේ දුප්පත් ජීවිතවල වටිනාකමක් නැද්ද?

දුප්පත් අපේ ජීවිතවල වටිනාකමක් නැද්ද?

by Sagarika Chathumali 26-02-2018 | 1:14 PM

COLOMBO (Newsfirst) : අලි මිනිස් ගැටුම මෙට ජන ජීවිත අවදානමේ හෙළූ ප්‍රධාන ගැටලුවක් වී හමාරය ය.

උතුරු නැගෙනහිර ඇතුළු කෘෂිකර්මාන්තයෙන් දිවි සරි කර ගන්නා ජනතාව වනඅලි උවදුරේ ගොදුරක් වී ඇති අතර ඇතැම් ස්ථානවල අලිමිනිස් ගැටුමේ අවසන් වන්නේ, ජීවිත බිලි ගැනීමෙනි. සිය නිවස අසලදී වනඅලි ප්‍රහාරයට ලක්ව පුද්ගලයෙකුට දිවි අහිමි වීමේ සිදුවීමක් ගල්ගමුව, කුරුන්දන්කුලම ප්‍රදේශයෙන් ඊයේ වාර්තා විය. එම මරණයේ උණුසුම මැකෙන්නට පෙර අද උදෑසන ප්‍රදේශයේ කාන්තාවකට ජීවිතයක් අහිමිවිය. මෙම වනඅලි ප්‍රහාරය එල්ල වුණේ, අද උදෑසන 7ට පමණයි. අදාළ කාන්තාව නිවසේ සිට ගල්ගමුව මොරෙගොල්ලාගම මාර්ගයට පැමිණෙමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව ඇත. අප වාර්තාකරු පැවසුවේ, එම කාන්තාව ප්‍රහාරයට ලක්වූ ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මිය ගිය කාන්තාව වයස අවුරුදු 59ක් වූ ගල්ගමුව ප්‍රදේශයේම පදිංචිකාරියකි. මේ අතර වන අලි ගැටලුවට ස්ථිර විසඳුම් ඉල්ලමින් මහියංගණය - අම්පාර ප්‍ර‍ධාන මාර්ගය හරස් කරමින් අම්පාර දෙහිගොල්ල පූර්වාර්ම විහාරස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විණ. මේ අතර උද්ඝෝෂණය හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය. ප්‍රදේශවාසීන් පැවසුවේ, සිය ගැටලුව පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බවයි.