by Hashini De Mel 26-02-2018 | 10:40 PM
COLOMBO (Newsfirst) - දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් සමහර ස්ථානවල ද තද වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ඇත.
දිවයිනට ගිනිකොන සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට කොළඹ, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමළය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුද ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමෙීටර් 70 - 80 ත් අතර දක්වා ඉහළ යා හැකි බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඒ සම්බන්ධයෙන් සැළකිලි මත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.